Archives: දෙසැම්බර් 2022

ඔබ බිය වනවිට

මට මෑතකාලීන සෞඛ්‍ය ගැටලු නොතිබුණද, මට නියමිතව තිබූ වෛද්‍ය පරීක්ෂණය ගැන බිය වූයෙමි. බොහෝ කලකට පෙර අනපේක්ෂිත රෝග විනිශ්චයන් ලැබූ අයුරු පිළිබඳ මතකයන් මා බියට පත් කළේය. දෙවියන්වහන්සේ මා සමඟ සිටින බව මම දැන සිටියෙමි. එසේම මා උන්වහන්සේව විශ්වාස කළ යුතු බව දැනගෙන සිටියත්, මට තවමත් බියක් දැනුණි.

මගේ බිය සහ ඇදහිල්ල නොමැතිකම ගැන මා කලකිරුණෙමි. දෙවියන්වහන්සේ මා සමඟ සැමවිටම…

නත්තල් කාඩ්පත පරිපූර්ණයි

බාර්කර් පවුලේ නත්තල් සුබ පැතුම් වීඩියෝව පරිපූර්ණ විය. ලෝගුවලින් සැරසුණු එඬේරුන් තිදෙනෙක් (පවුලේ පුංචි පුතුන්) තණකොළ පිට්ටනියක ගින්නක් වටා රොක් වූහ. හදිසියේම දේවදූතයෙක් කඳු මුදුනෙන් බැස ආවේය - එනම්, ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරියයි, රෝස පැහැති උස සපත්තු හැර, ඈ දීප්තිමත් පෙනුමකින් සිටියාය. හඬ පටයේ ශබ්දය වැඩි වීමෙන් එහි සිටි එඬේරුන් පුදුමයෙන් අහස දෙස බලා සිටියහ. පිට්ටනියක් හරහා ගිය විටදී ඔවුන්ට සැබෑ…

දෙවියන්වහන්සේගේ වචනයේ බලය

1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන - ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් - චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර…

තල්මහ ආච්චි අම්මා

පර්යේෂකයන් විසින් “ග්‍රැනී” එනම් ආච්චි අම්මා ලෙස නම් කර ඇති ඕර්කා වර්ගයේ තල්මසෙකු, පෙනෙන ආකාරයට, ඇගේ මුණුපුරාගේ පුත්‍රයා වූ තල්මස් පැටවාගේ ජීවිතය තුළ ඇයගේ භූමිකාවේ වැදගත්කම දැන සිටියේය. තල්මස් පැටියාගේ මව මෑතකදී මිය ගොස් ඇති අතර, අනාථ වූ තල්මස් පැටියාට ආරක්ෂාව සහ උපකාර නොමැතිව වර්ධනය වීමට තරම් වයසක් තවම නොවීය. නමුත් තල්මස් ආච්චි, වයස අවුරුදු අසූවක් (හෝ ඊට වැඩි) වුවද,…

පහතට නැමීම

කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…